සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව  ගැන පරීක්ෂණයක්

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන පරීක්ෂණයක්

June 2, 2014   08:44 pm

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනාවක් එල්ල වී තිබේ.

පසුගිය දින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති 4 වන එක්දින තරඟයෙන් පසු පිටියේ විනිසුරුවන් මේ බව තරඟ තීරක ජෙෆ් ක්‍රෝ හට දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

අදාළ දැනුම්දීමෙන් පසු සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් සිදුකළ යුතු බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය අවසන් වන තෙක් ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවීමට සචිත‍්‍රට අවස්ථාව හිමි වෙයි.