මූල්‍ය වංචාවකට නළුවෙකු අත්අඩංගුවට

මූල්‍ය වංචාවකට නළුවෙකු අත්අඩංගුවට

April 28, 2024   02:55 pm

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

"මහාදේව්" නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 සැකකාර නළුවා මුම්බායි සිට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් පැය 40ක මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම අවස්ථාවේ දර්ශන පහතින්,