header logo
SLIC
උණුසුම් පුවත්
වීඩියෝ:- මහපරිමාණ වැට් බදු වංචාව - දේශීය ආදායමේ ලොක්කෙක්ට කෝටි 1198 දඩයක්
May 08, 201405:03 PM
වීඩියෝ:- මහපරිමාණ වැට් බදු වංචාව - දේශීය ආදායමේ ලොක්කෙක්ට කෝටි 1198 දඩයක්
Mobitel 1278

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 399ක වැට් බදු වංචා කිරීමේ නඩුවේ වරද පිළිගත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වු ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට අද රුපියල් කෝටි 1198ක දඩයක් නියම කර තිබේ.

එසේම ඔහුට එරෙහි චෝදනා 34ට අදාළව පැනවූ අවුරුදු 102ක සිරදඬුවමක් අවුරුදු 3කින් ගෙවීයන ලෙසට මෙම තීන්දුව ලබාදී ඇත.

මේ අතර මෙම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාර ගුණසිරි ද සොයිසා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන මස හය වැනිදා මෙකී නඩුව යළි විභාගයට ගැනීමට ද තීන්දු වී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුණි වික්‍රමසිංහ මහත්මිය විසින් අද මෙම තීන්දුව ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

පසුගිය 26දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වරද පිළිගැනීමෙන් පසුව ඔහු පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අද (08) දිනට කල්තැබීය.

විත්තිකරුගේ පෞද්ගලික දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එදින විනිසුරුවරිය දැනුම්දී තිබුණි.

අගය මත එකතු කරනු ලැබු මහජනයාගෙන් අයකරගත් රුපියල් කෝටි 399ක් ව්‍යාපාරිකයින් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව වංචා කර ඇති බවට අධිකරණය හමුවේ පැමිණිලි කර තිබිණ.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 14ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරාද තිබුණි.

ආරම්භයේ සිටම මෙම නඩුවෙහි විත්තිකරුවන් 8 දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැරි අතර ඒ අනූව වසර කිහිපයක් තිස්සේ මෙම නඩුව විභාග වූයේ නඩු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිවය.

මීට පෙර ඉන් පස්දෙනෙක් වරද පිළිගත් අතර කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරිය ඔවුන්ට සිරදඬුවම් හා දඩ මුදල් නියම කළාය.

දඩ මුදල් නොගෙවන අයගේ පෞද්ගලික දේපළ රජය සතු කිරීමට ද විනිසුරුවරිය විසින් නියම කරන ලදී.

වැට් බදු වශයෙන් රජයට ලැබීමට තිබූ රුපියල් කෝටි 399 කට අධික මුදල් වංචා කිරීමට අදාළ මෙම නඩුවේ පළමු විත්තිකරු වන ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට එරෙහි සාක්ෂි මෙහෙයවීම පසුගිය වසරේ මැයි 16දා ඇරඹිණ.

ඒ ඔහු මෙම සිද්ධිය පිළිබඳ වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

මෙම මහ පරිමාණ වැට් බදු වංචාව 2002-2004 අතර කාලයේදී සිදුව ඇති බව අනාවරණය විය.

කෙසේ වුවද මේ ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ 2006 වසරේදීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර විදේශගතව සිටින සෙසු සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියෙන්ද සහය ඉල්ලා තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට