වැට් බදු වංචාවේ ලොක්කෙක් වරද පිළිගනී
April 26, 2014 09:22 am
රුපියල් කෝටි 399ක වැට් බදු වංචා කිරීමේ නඩුවේ විත්තිකරුවෙකු වු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වු ගුණසිරි සොයිසා ජයතිලක මහතා, ඔහුට එරෙහිව ඇති චෝදනාවන්ට වරද පිළිගෙන තිබේ.
මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණයේ කුමුදුණි වික්‍රමසිංහ විනිසුරුවරිය විත්තිකරු සම්බන්ධයෙන් නිගමනයකට එළඹීම මැයි මස 08 වන දිනට කල්තැබීය.
විත්තිකරුගේ පෞද්ගලික දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය දැනුම්දී ඇත.
අගය මත එකතු කරනු ලැබු මහජනයාගෙන් අයකරගත් රුපියල් කෝටි 399ක් ව්‍යාපාරිකයින් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව වංචා කර ඇති බවට අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 14ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.
ආරම්භයේ සිටම මෙම නඩුවෙහි විත්තිකරුවන් නව දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැරි අතර නඩු විභාගය කළේ විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිවය.
මීට පෙර ඉන් තිදෙනෙක් වරද පිළිගත් අතර කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරිය ඔවුන්ට සිරදඬුවම් හා දඩ මුදල් නියම කළාය.
දඩ මුදල් නොගෙවන අයගේ පෞද්ගලික දේපළ රජය සතු කිරීමට ද විනිසුරුවරිය විසින් නියම කරන ලදී.