බිලියන හතරේ වැට් බදු වංචාවේ සැකකරුවන් සොයන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලයි
April 13, 2013 04:19 pm
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් විදේශගතවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
2002 - 2004 කාලය තුළ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 4කට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය 2006 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 8 දෙනෙකු විදේශගතව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ දිනයේදී මෙම නඩුව යළිත් විභාගයට ගත්අතර එහිදී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු වරද පිළිගෙන තිබේ.
ඒ අනුව ඔවුන්ට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇති බව පොලිසිය කියා සිටියි.
මේ අතර විදේශගතව සිටින සැකකරුවන් 8 දෙනාට විවෘත වරෙන්තු නිකුත් කර ඇති අතර ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ඇතිව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කරයි.