හිටපු සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්

හිටපු සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්

April 15, 2014   05:12 pm

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් විදානගමච්චි (44) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව සැකකාර හිටපු මන්ත්‍රීවරයා ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මොහු මේ වන විට මාතර මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසුවන බව ද වාර්තා වේ.

මාතර, මහසෙන්වත්ත ගරාඞුව ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.