බීමත් රියදුරන් 877ක් අත්අඩංගුවේ

බීමත් රියදුරන් 877ක් අත්අඩංගුවේ

April 15, 2014   01:39 pm

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කළ විශේෂ මෙහෙයුමේ දී මේ වන විට පුද්ගලයින් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙරවරු හයේ සිට ගත වු පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී බීමත්ව රිය ධාවනය කළ යතුරුපැදිකරුවන් 76 දෙනෙකු, ත්‍රිරෝද රථ රියදුරන් 61දෙනෙකු සහ වෙනත් වාහන රියදුරන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උත්සවය සමය නිමිත්තෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ලබන 20 දක්වා මෙම වැටලීම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.