මාතර මනාප සටනින් අනර්කලී සහ නදීෂා කැපෙයි

මාතර මනාප සටනින් අනර්කලී සහ නදීෂා කැපෙයි

March 30, 2014   05:49 pm

මෙවර ඡන්ද විමසීමේ දී බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අනර්කලී ආකර්ෂා මෙනවිය සහ නදීෂා හේමමාලි මෙනවිය යන දෙදෙනා පළාත් සභාව සඳහා තේරී පත්ව නොමැති බව වාර්තා වෙයි.

මාතර දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු අනර්කලී ආකර්ශා මෙනවියට මනාප ඡන්ද සංඛ්‍යාව 8842ක් ලැබී ඇති අතර මනාප ලැයිස්තුවේ හිමිව ඇත්තේ 18 වන ස්ථානයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මාතර දිස්ත්‍රික්කයෙන් හිමිවුණේ මන්ත්‍රී ආසන 10ක් පමණයි.

එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නදීෂා හේමමාලි මෙනවිය මනාප ඡන්ද 11,006ක් ලබාගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 4ක් හිමිවූ අතර නදීශා හේමමාලි මෙනවියට හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මනාප ඡන්ද ලැයිස්තුවේ දස වන ස්ථානයයි.