ඥානසාර හිමිට සති දෙකක් කල්දෙයි

ඥානසාර හිමිට සති දෙකක් කල්දෙයි

March 25, 2014   04:09 pm

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගෙන් සමාව නොගතහොත් රුපියල් මිලියන 500ක් ඉල්ලා උසාවි යන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

විල්පත්තු අභය භූමියේ ඉඩම් අත්පත් කරගෙන එම ප්‍රදේශයේ මුස්ලිම් කලාපයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවට බොදු බල සේනා සංවිධානය විසින් නගන චෝදනා අසත්‍යය බවද අද(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

එම අසත්‍යය චෝදනා සම්බන්ධයෙන් තමන්ට අපකීර්තියක් වූ බවත් මේ හේතුවෙන් තමන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඒ මහතා එහිදී කීවේය.

තමන්ට ජාතීවාදයක් නොමැති බවත්, තමන් සැමටම සේවය කරන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

බෞද්ධ සහ මුස්ලිම් ජනතාව සතුටින් සිටින බවත්, බොදු බල සේනාව විසින් එම පුද්ගලයින්ගේ සිත් අමනාප කරන බවත්, ඒ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.