රියදුරු නොමැතිව එංජිම යයි - පරීක්ෂණ ඇරඹෙයි

රියදුරු නොමැතිව එංජිම යයි - පරීක්ෂණ ඇරඹෙයි

December 5, 2013   09:01 am

කොළඹ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය එන්ජිමක් හදිසියේ පණගැන්වී ධාවනය වී තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළේ අද අලුයම (05) 01.45 ට පමණ මෙම දුම්රිය එන්ජිම පණ ගැන්වී ඇති බවයි.

ධාවනය වු දුම්රිය එන්ජිම ගල්කිස්ස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ දී කොළඹ සිට ගිය දුම්රිය නිලධාරීන් විසින් නතර කරගෙන තිබේ.

කෙසේ වුවද මෙම සිද්ධියෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රිය එන්ජිමට හානියක් සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය එන්ජිම කෙසේ පණ ගැන්වී ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කරයි.