පොදු රාජ්‍ය මණ්ඩලයට මුල්‍යාධාර සැපයීම පිළිබඳව තවදුරටත් සිතා බලනවා

පොදු රාජ්‍ය මණ්ඩලයට මුල්‍යාධාර සැපයීම පිළිබඳව තවදුරටත් සිතා බලනවා

October 8, 2013   10:32 pm

පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා කැනඩාව විසින් යොදවනු ලබන මූල්‍යාධාර මෙවර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලන බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පියවර ගන්නා බව ස්ටීවන් හාපර් මහතා ප්‍රකාශ කර ඇත.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සමුළුව අතරවාරයේ අදහස් දක්වමින් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවන බවද කැනේඩියානු අගමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා මූල්‍යාධාර සපයනු ලබන දෙවන ප්‍රධානතම සැපයුම්කරු වන්නේ කැනඩාවයි.

කැනේඩියානු ඩොලර් මිලියන 20ක් සෑම වසරකම පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු සඳහා කැනඩාව විසින් යොදවනු ලබයි.