නවි පිල්ලේ සමග සාකච්ඡා කරනවා

නවි පිල්ලේ සමග සාකච්ඡා කරනවා

August 18, 2013   08:35 am

මෙරටට පැමිණීමට නියමිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සමඟ සාකච්ජාවක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ලෙස තම පක්ෂයට මේ වන විටත් අවස්ථාව හිමිව ඇති බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාවන් ගැන මහ කොමසාරිස්වරිය සමග සාකච්ඡා කරන බව හෙතෙම පැවසීය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව කීය.