ජන විරෝධයට කඳුළු ගෑස්
August 1, 2013 07:08 pm
කර්මාන්ත ශාලාවකින් පිටවන අප ද්‍රව්‍ය හේතුවෙන් වැලිවේරිය , රතු පස්වල ඇතුළු අවට ගම්මාන කිහිපයක ජනතාවට උද්ගතව ඇති ජල ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ නිරත ජනයා විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
මේවන විටත් කොළඹ - නුවර මාර්ගයේ බැලුම්මහර හන්දියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය හා නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
පැය කිහිපයක ආසන්න කාලයක සිට බැලුම්මහර හන්දියේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය හේතුවෙන් ජන ජීවිතයටද බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසියට සහය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට මැදිහත් වීමට සිදු වූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද දෙරණට පැවසීය.
මේ අතර උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝජිතයින් පිරිසක් සමඟ රතුපස්වල ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සාකච්ඡාවක නිරතවෙමින් සිටිති.