කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට
July 23, 2013 08:00 am
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව හෙවත් කෝප් වාර්තාව අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙවර රාජ්‍ය ආයතන 244ක විමර්ශන කටයුතු සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩිව්.ගුණසේකර මහතා සඳහන් කරයි.
මාස 15ක කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව පිටු 310කින් යුක්තව මෙම වාර්තාව සකස් කර තිබේ.
එම වාර්තාවට අනුව මෙරට ඇති රජයේ වාණිජ ආයතන 72න් 16ක් අලාභ ලබන ආයතන බවට තහවුරු වී ඇති බව ඩිව්.ගුණසේකර අමාත්‍යවරයා පවසයි.
එම ආයතන අතරට ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව,ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් එයාර් සමාගම ඇතුළත් බව සඳහන් වෙයි.
මෙහිදි රජයේ වාණිජ ආයතන 56 ක් ලාභ ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇත.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෝප් වාර්තාව පිළිබඳ මසක් ඇතුළත පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඩිව්.ගුණසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.