මාධ්‍යවේදියාට වෙඩි තැබුවේ කවුදැයි වහාම හොයන්න

මාධ්‍යවේදියාට වෙඩි තැබුවේ කවුදැයි වහාම හොයන්න

February 16, 2013   10:26 am

සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලීට වෙඩි තැබීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති එන්.කේ. ඉලං‍ගකෝන් මහතාට නියෝග කර තිබේ.

එකී සිද්ධිය සැලවීමෙන් පසු මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කළ බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලී මහතා ගල්කිස්ස හෝටල් පාරේ බාන්ස් ඇවනිව් හි පිහිටි ඔහුට අයත් නිවසේ සිටියදී අද අලුයම 12.10ට පමණ සිදුවු වෙඩි තැබීමකින් රෝහල් ගත කෙරිණ.

කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.