හිටපු අගවිනිසුරුවරිය ඒකට වගකිව යුතුයි

හිටපු අගවිනිසුරුවරිය ඒකට වගකිව යුතුයි

February 10, 2013   02:39 pm

2011 වසරේ උසස් පෙළ සමත් සිසුන් මාර්තු මාසය අවසන් වීමට පෙර විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉසෙඩ් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් මතු වු ගැටලු හේතුවෙන් අදාළ සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කටයුතු ප්‍රමාද වු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා කියයි.

එම තත්ත්වයට හිටපු අගවිනිසුරුවරිය වගකිව යුතු බව ද එස්.බි. දිසානායක මහතා පවසයි.

අධිකරණ තීන්දුව හේතුවෙන් මෙවර පෙර වර්ෂවලට වඩා වැඩි සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමට සිදුව ඇති බැවින් ඊට අදාළ යටිතල පහසුකම් සැපයීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මේ වසර අවසන් වීමට පෙර 2012 වසරේ උසස් පෙළ සමත් සිසුන් ද විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාතය එස්.බි. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.