මාස 7ට ගෑස් 500කින් වැඩි කළා - විදුලිබිලටත් මාන බලනවා
January 6, 2013 03:44 pm
දුප්පත් ජනතාව ගැන නොසිතා ගෑස් මිල වැඩි කර ඇති බවත් දේශප්‍රේමීයැයි කියා ගන්නා නායකයින් ලම්බෝගිනි රේස් පදිමින්, පිටරටින් ගෙන ආ නළඟනන්ගේ අඩ නිරුවත් නැටුම් බල බලා සුර සැප විඳින බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ගෑස් වැඩි කිරීමෙන් පමණක් නොසෑහෙන රජය ඉදිරියේදී විදුලිබිලද වැඩි කරන ඉඟි ලැබී ඇති බවද ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
වටේටම ණය වී, හෙට දවසේ බඩගින්න නිවා ගන්නට සුණු සහල් ඇටයක් හොයා ගන්නේ කෙසේදැයි ලතවෙමින් ඉන්නා ජනතාව කෙරෙහි කිසිදු අනුකම්පාවක් නැතිව, “ගහෙන් වැටී ඉන්නා මිනිහාට ගොනා අනින්නා සේ” රුපියල් 150 කින් ගෑස් මිල වැඩි කිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිකුල් සහගත බව අවධාරණය කරමින් අපි එය දැඩි ලෙස හෙළා දකිමු.
මෙම රුපියල් 150 ගෑස් මිල වැඩි කිරීමට කලින් පසුගිය මැයි මාසයේ දී ආණ්ඩුව රුපියල් 350 කින් ගෑස් මිල වැඩි කළ බව නැවත මතක් කර දිය යුතුව ඇත. ඒ අනුව ආණ්ඩුව මාස 7 ක කාලයක් තුළ දී රුපියල් 500 කින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත. මේ ගෑස් මිල පමණකි.
මහින්ද චින්තනයට අනුව යමින් යළිත් වතාවක් ජනතාවගේ බඩට ගහන්නට ආණ්ඩුව ගත් මෙම තීරණය මගින් පැහැදිළිවම පෙනී යන්නේ අද ආණ්ඩුවේ දේශප්‍රේමීයැයි කියා ගන්නා නායකයන් රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් නාස්ති කර ලම්බෝගිනි රේස් පදිමින්, පිටරටින් ගෙන ආ නළඟනන්ගේ අඩ නිරුවත් නැටුම් බල බලා සුර සැප විඳිනවා මිස, තමන්ව බලයට ගේන්නට ඡන්දය දුන් සමෘද්ධිලාභීන් ඇතුළු මේ රටේ ජනතාවගේ දුක් ගින්දර ගැන අබ මල් රේණුවක තරම්වත් හැඟීමකින් ක්‍රියා නොකරන බවයි.
පළාත් සභා ඡන්දය පෙනී පෙනී පසුගිය ඔක්තෝබර් මාසයේ 2 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳු වැඩ සිටින මහනුවර දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “මන්නාරමින් විශාල ස්වභාවික ගෑස් උල්පතක් මතු වූ බවයි”.
ආණ්ඩුව මේ රටේ දුප්පත් ජනතාව ගැන අවංක කැක්කුමකින් ක්‍රියා කරනවා නම් කළ යුතුව තිබුණේ, ලම්බෝගිනි රේස් පදින පන්තියට පාගන්නට පදික වේදිකාවල මිල අධික ගඩොල් අල්ලා, අධි සුඛෝපභෝගී සතුටු උයන් හදවා දෙන්නට කලින්, හමුවූවායයි කියන එම ස්වාභාවික ගෑස් උල්පත පාදා ගන්නට එම මුදල් වියදම් කර, මුළු රටේම ජනතාවට අඩු මිලට ගෑස් ලබාදීමට කටයුතු කිරීමයි. එසේ නොකිරීමෙන් පෙනී යන්නේ අද ආණ්ඩුවේ නායකයින් ලම්බෝගිනි පන්තියේ සුපිරි ආශාවන් පිරිමසනවා මිස, සමෘද්ධිලාභීන් ඇතුළු දුප්පත් ජනතාව තඹ දොයිතුවකටවත් මායිම් නොකරන බවයි.
තවදුරටත් පෙන්වා දිය යුතුව ඇත්තේ මේ ගෑස් මිල වැඩිවීම සිලින්ඩරයෙන් නතර නොවන බවයි; තිබහට සාදා ගන්නා කහට කෝප්පයේ සිට බඩගින්නට කන පොල් රොටිය දක්වා මේ ගෑස් මිල වැඩිවීම බලපානු ඇත. ඒ අනුව ගෙදර උයා ගත්තත්, කඩෙන් මිලදී ගත්තත් සියලු පිසින ලද ආහාරවල මිල ගෑස් මිල වැඩිවීමට සමානුපාතිකව වැඩි වෙනු ඇත.
අපට දැන ගැනීමට ඇති ආකාරයට මහින්ද චින්තනය අනුව දුප්පත් ජනතාවගේ බඩට ගැසීමේ ව්‍යාපාරය ගෑස් මිල වැඩි කිරීමෙන් නතර නොවේ. ඒ, හෙට අනිද්දාම විදුලිබිලත් වැඩි කිරීමට ආණ්ඩුව මාන බලමින් සිටින බැවිනි. මේ අනුව බලන විට පෙනී යන්නේ කුරහන් මලෙන් එදා ඉපදී අද ලම්බෝගිනි සුපිරි පන්තියේ කරට අතදා ගෙන ඉන්නා ආණ්ඩුව, මේ රටේ දුප්පත් ජනතාව අඳුරේ සහ බඩගින්නේ තබන දිනය වැඩි ඈතක නොවන බවයි. එදා දවස උදාවීමට පෙර ජනතාව සමග පාරට බසින්නනට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අපි ආණ්ඩුවට අනතුරු අඟවමු.