දෙහිඅත්තකණ්ඩියේ ඝාතනයක්

September 23, 2012   07:59 am

දෙහිඅත්තකණ්ඩිය බඹරවාන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (22) සිදුවු පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ බඹරවාන ප්‍රදේශයේ පදිංචිව 68 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (23) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.