ව්‍යාපාරික අතිරේකයේ ලාංඡනයට එරෙහිව නඩු

September 21, 2012   01:13 pm

විජය නිවුස් පේපර්ස් ආයතනය විසින් සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

සිලෝන් නිවුස් පේපර්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන"මව්බිම" හා "සිලෝන් ටුඩේ" යන පුවත්පත් සමග බෙදාහරිනු ලබන FT ව්‍යාපාරික අතිරේකයේ ලාංඡනය භාවිතා කිරීම තහනම් කරන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇත.

පසුගිය 19 වන දින ඊට අදාළ නොතීසි නිකුත් කර ඇති අතර එබැවින් සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයේ බලධාරීන්ට ඔක්තෝම්බර් මස 18 වන දින වානිජ මහාධිකරණය හමු‍වේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව සඳහන්ය.