සරසවි ඇදුරු ගැටලුව විසඳන්න ආණ්ඩුවට ඕනකමක් නෑ

September 20, 2012   05:19 pm

විශ්ව විද්‍යාල ආචාර්යවරු‍න්ගේ ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුව වහා පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ආණ්ඩුවට මෙම ගැටලුව විසඳීම සඳහා වුවමනාවක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේය.

වර්තමාන පාලනය තුළ සමස්ත අධ්‍යාපනයම අර්බුදයට ලක්ව ඇති බව හෙතෙම කියා සිටියි.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා තම අධ්‍යාපන කටයුතු අඩාලවීම හේතුවෙන් ආචාර්යවරුන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන බව විශ්ව විද්‍යාලයීය සිසු හැරවුම් ව්‍යාපාරයේ කැදවුම්කරු යුක්ති ඒකධීර පවසයි.