මහ පුටුව නැත්තන් පොඩි පුටු හිස් කරන්න බර්ටි සූදානම්

September 20, 2012   04:16 pm

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය තමන්ට ලබා නොදුනහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් බහුතරයක් ඉල්ලා අස්වන බවට තමාට දැනුම් දී ඇතැයි හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සභාපතිවරුන්, උප සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් 150 දෙනෙක් පමණ සිටින අතර ඉන් 120 දෙනෙකුම මේ පිළිබඳ තමාට දැනුම් දී ඇති බව හෙතෙම සඳහන් කරයි.

පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නම් කිරීම එක් පුද්ගලයෙකුට පමණක් තීරණය කළ හැකි කාර්යක් නොවන අතර එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු කාර්යයක් බව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පෙන්වා‍දෙ‍යි.