SLIIT සාර්ථක අනාගතයකට මංපෙත් විවර කරගන්න අවස්ථාවක්

September 18, 2012   09:50 am

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය IT උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කර තිබේ.

ශී‍්‍ර ලංකාව තුළ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පෙරමුණ ගෙන සිටින ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය(SLIIT) මෙරට ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම සඳහා අනාගත පරපුර තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ නිපුණයින් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කරයි.

දශකයකට වැඩි කාලයක සිට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම උපාධිධාරීන් පිරිසක් බිහිකරමින් ඉතා පුළුල් ලෙස සිසුන්ට අධ්‍යාපන අවස්ථා විවර කරදීමට SLIIT ආයතනයට හැකියාව ලැබිණි. SLIIT ආයතනය ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව හා මහා බි‍්‍රතාන්‍යයේ පිළිගත් විශ්ව විද්‍යාල සමඟ සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරනු ලබන අතර සිසුන්ට තමන්ගේ අභිමතය පරිදි මෙරට තුළදී හෝ විදේශ රටකදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධියක් ලබා ගැනීමට විශාල වශයෙන් මංපෙත් විවර කරදීමට පියවර ගන්නා ලදී.

‘‘අපගේ ඉලක්කය වී තිබෙන්නේ ලොව පිළිගත් විශ්ව විද්‍යාල සමඟ ඇතිකරගත් සහයෝගිතාවය තුළින් සිසුන්ගේ අනාගතය සාර්ථකකර ගැනීමට මාර්ගය විවර කරදීමයි’’ යන්න SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය එස්. කරුණාරත්න මහතා පවසයි. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරදෙමින් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කළේ SLIIT පරිගණක අධ්‍යාපන පීඨය තුළින් කි‍්‍රයාත්මක කරනු ලබන වැඩසටහන් හරහා සිසුන්ට සීමා රහිතව ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් හා තරගකාරී පසුබිමක් තුළ තමන්ගේ දක්ෂතා වෘත්තිය වෙනුවෙන් නිසිලෙස යොදා ගැනීමට අවශ්‍ය පුහුණුව හිමිවනු ඇති බවයි.

SLIIT ආයතනය මගින් මේ දක්වා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වෘත්තියවේදීන් 16,000කට වැඩි පිරිසක් දැයට දායාදකර තිබෙන බව එහි සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේය. එහිදී ගමගේ මහතා පෙන්වා දුන්නේ අපගේ ආයතනය මගින් ඉදිරිපත්කර ඇති අධ්‍යාපනික වැඩසටහන් හරහා සිසුන් උසස් මට්ටමේ වෘත්තිකයින් බවට පරිවර්තනය කරන බව මගේ විශ්වාසයයි. ඊට අමතරව අපගේ සිසුන් සෑම පාර්ශවයෙන්ම දක්ෂතා ඇති පිරිසක් බවට පත්කිරීම සඳහා කී‍්‍රඩා හා වෙනත් විෂය බාහිර කි‍්‍රයාකාරකම් සඳහා විශාල පරාසයකින් යුත් පහසුකම් සපයා දී තිබෙනවා. අපි නිරතුරුවම අපගේ විද්‍යාලයේ ප‍්‍රමිතීන් කර්මාන්තයේ ඉල්ලූමට සරිලන අයුරින් පවත්වාගෙන යනවා’’ යන්නයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සම්මේලනයේ අනුමැතිය ලත් ශී‍්‍ර ලංකාවේ එකම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය මෙන්ම විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියලත් SLIIT ආයතනය රැකියා සමඟ උපාධිය සපයන උසස් අධ්‍යාපනයේ පෙර ගමන්කරු ලෙස කීර්තිනාමය උසුලයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ලලිත් ගමගේ මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකාව හා ජාත්‍යන්තර වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය සම්බන්ධ මනා සබඳතාවයක් ඇති SLIIT ආයතනය තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ දැනුම පදනම් කරගත් සිසුන් බිහිකිරීමට අධ්‍යාපන පාඨමාලා රැසක් ඉදිරිපත් කර තිබෙන බවයි.

සෑම වර්ෂයකදීම SLIIT ආයතනය පූර්ණ ශිෂ්‍යත්ව හා අර්ධ ශිෂ්‍යත්ව වශයෙන් සිසුන් 120දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරයි. මේ දක්වා එම ආයතනය මගින් සිසුන් වෙත රුපියල් කෝටි 6කට (රුපියල් 60,000,000) අධික වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරමින් සිසුන් රැසකට ඔවුන් තෝරාගත් ක්ෂේත‍්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දී තිබේ.

මාලඹේ හා කොළඹ - කොල්ලූපිටිය යන ප‍්‍රදේශවල පිහිටි ප‍්‍රධාන මධ්‍යස්ථාන දෙකට අමතරව මාතර, නුවර හා යාපනය යන ප‍්‍රදේශවලද SLIIT ආයතනයේ ශාඛා පවතියි. රටේ තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ගමන්මග නිර්ණය කළ හැකි සුවිශේෂි කුසලතා ඇති උපාධිධාරීන් බිහිකිරීමට අවශ්‍ය අධ්‍යාපන ක‍්‍රමවේදයන් SLIIT ආයතනය විසින් සම්පාදනය කරයි.

වැඩිදුර විස්තර සඳහා www.sliit.lk වෙබ් අඩවියට පිවිසෙන්න.