මනියර්කුලම වැවේ රොන් මඩ ඉවත් කෙරෙයි

September 12, 2012   11:22 am

වව්නියාව, මනියර්කුලම වැවෙහි රොන් මඩ ඉවත්කොට වැව ගැඹුරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.

ගුවන් හමුදාපති හර්ෂ අබේවික‍්‍රම මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාවේ සංවර්ධන ව්‍යාපෘති අංශය විසින් මෙම වැඩකටයුතු සිදුකරනු ලබයි.

වව්නියාව මඩුකන්ද ගොවි සංවිධානය යටතේ ක‍්‍රියාත්මක වන මෙම වැව යටතේ කුඹුරු අක්කර 200 ක් පමණ වගා කරනු ලබන බව සඳහන්ය.

කෙසේ වෙතත් යුද සමයේ දී කුඹුරු වගා නොකිරීම නිසා මනියර්කුලම් වැව සම්පූර්ණයෙන්ම අබලන්ව ඇත.

මෙවර මහ කන්නයේ දී ගොවීන්ට කුඹුරු වගා කිරීමට හැකි වන පරිදි වැව ගැඹුරු කොට සොරොව්ව හා ඇල වේලි ප‍්‍රතිසංස්කරණය කරන බව ගුවන් හමුදාව සඳහන් කරයි.