අනෝමයි ටිරානුයි ජනපති හමුවෙළා

May 17, 2012   06:56 am

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඊයේ(16) රාත්‍රී හමුවී තිබේ.

තම නිවසේ සිදුවූ මෙම හමුව සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ද සහභාගී වූ බව ටිරාන් අලස් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බන්ධනාගාරගතව සිටින සරත්‍ ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඊයේ පෙරවරුවේ ද ටිරාන් අලස් මන්ත්‍රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබුණි.