කැලණිය රජමහා විහාරයේ පොල්ගැසීම තහනම්
May 16, 2012 09:26 pm
කැලණිය රජ මහා විහාරයේ මින් ඉදිරියට දෙවියන්ට පොල් ගැසීම වැනි මෝඩ ක්‍රියා සිදුකිරීමට යොදා නොගන්නා ලෙස කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති,මහාචාර්ය,පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පවසයි.
විහාරස්ථානය යනු පොදුවේ සියලුදෙනාට පැමිණ සෙත් ශාන්තියක් අත්පත් කර ගැනීමට ආගමික වතාවත්වල යෙදීමට ඉඩ ප්‍රස්ථාව ඇති පුණ්‍ය භූමියක් බව උන්වහන්සේ සඳහන් කළේය.
එසේ නොමැතිව තම තමන්ගේ පුද්ගලික වෛරය හා ක්‍රෝධය සංසිඳුවා ගනු පිණිස එකිනෙකාගෙන් පලිගැනීම සඳහා කරනු ලබන ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.
කැලණිය ශ්‍රීලංනිප ආසන සංවිධායක,අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ආශිර්වාද පිණිස අද පස්වරුවේ විහාරස්ථානයේ පැවති මහා බෝධි පූජා පිංකමක අනුශාසනාව සිදුකරමින් විහාරාධිපති හිමියන් මේ බව කියා සිටියේය.
කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හා ගම්වාසීන් එක්ව මෙම මහා බෝධි පූජා පිංකම සංවිධානය කර තිබුණු බවත්,මෙම අවස්ථාවට බොහෝ පිරිසක් එක්ව සිටි බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම අවස්ථාවට එක්වෙමින් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිශාන්ත අතුකෝරාල මහතා අදහස් දක්වමින් "දේශපාලන වශයෙන් ප්‍රශ්න තිබේනම් සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුව ඇතැයි "කියා සිටියේය.