මර්වින් එළවන්නැයි විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලයි
May 16, 2012 10:48 am
මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය,ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකරනු ලබන දූෂණ,වංචා,අක්‍රමිකතා හා අපරාධ තුරන්කර කැලණිය ආසනයෙන් ඔහුව නෙරපා හරින ලෙස දෙවියන්ට කන්නලව් කරමින් මහා පොල්ගැසීමේ දේව පූජාවක් පවත්වා තිබේ.
කැලණිය රජමහා විහාර භූමියේ පිහිටි විභීෂණ දේවාලයේ මෙම දේව පූජාව කැලණිය ප්‍රදේශවාසී කාන්තාවන් 500 ක පමණ සහභාගිත්වයෙන් සිදුවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති,උප සභාපති ඇතුළු පසුගියදා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැඟී සිටි මන්ත්‍රීවරුන් පිරිසද එක්ව සිටි බව අප වාර්තාකරු කියා සිටියි.