අඟුලාන ද්විත්ව ඝාතනය - අභියාචනා විභාගයට දින නියම කෙරෙයි

April 30, 2012   05:00 pm

අඟුලාන ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා ගොනු කළ අභියාචනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව අදාළ අභියාචනා මැයි මස 14 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.

අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාට එදින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට ද නොතීසී නිකුත් කෙරුණි.

අඟුලාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් මරාදැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

එම දඬුවම අහෝසි කොට තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිකරුවන් සිය අභියාචනයෙන් ඉල්ලා සිටියි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.