ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට

August 14, 2026   07:20 pm

ඩුබායිහිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

මොහු පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසි විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් මොහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව ද වාර්තා වේ.

එමෙන්ම මොහු ඩුබායිහි ධන ක්වේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකේ.

කොළඹ සහ කොළඹ දකුණු ප්‍රදේශවල ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම පුළුල් ලෙස ව්‍යාප්තවී තිබූ බව සඳහන්ය. 

වෙලේ සුදාගේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පසුව සිටින ප්‍රබතලම ජාවාරම්කරු ලෙස මොහු සැලකේ. 

ඩුබාහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික්ව මෙරටට ලබාදීමට ආරක්ෂක අංශ සූදානම්ව නොසිටිය ද ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අංශ සිදු කළ විශේෂ ඉල්ලීම් මත ඔහුව පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය එකඟවී ඇති බව සඳහන්ය.

මේ අතර ශිරාන් බාසික්ට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මෙරටට අද (14) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතය.