බණ්ඩාරවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය හොරු බිඳියි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය හොරු බිඳියි

June 8, 2026   11:41 am

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඇතුළු වී එහි තිබූ ලිපි ගොනු ඇද විනාශ කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති බවය.

ඇතුළු පිරිස එහි මහල් ත්‍රිත්වයේම තිබූ ලිපි ගොනු ඇද විනාශ කර තිබූ බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවය.