මහර ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

මහර ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

June 7, 2026   10:42 am

මහර නගරයේ ඇති ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක් අද (07) පෙරවරුවේ ගිනි ගැනීමට ලක්ව තිබේ.

ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ හතරක් යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියාසිටියේය. 

මේ හේතුවෙන් කඩවත නුවර පාරේ මහර හන්දියෙන් එක් මං තීරුවක් සම්පූර්ණයෙන් වසා දමා ඇත.

මේ වනවිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ගින්නෙන් අදාළ වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදු කරනු ලබයි.