චැනල් 4 වෙතින් ශ්‍රී ලංකාව ගැන තවත් වීඩියෝවක්
March 5, 2012 04:47 pm
ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාව පිළිබඳව තවත් වාර්තා වැඩසටහනක් විකාශය කිරීමට සැලසුම් කර ඇති බව එම නාලිකාවේ වෙබ් අඩවිය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට සමගාමීව මාර්තු 14 වන දින මෙම වැඩසටහන විකාශය කිරීමට නියමිත බව එම වෙඩ් අඩවිය පෙන්වාදෙයි.
මීට පෙර චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද Sri Lanka’s Killing Fields: War Crimes Unpunished වාර්තා වැඩසටනෙහි දිගුවක් ලෙස විකාශය කෙරෙන මෙම වැඩසටහන ද ජෝන් ස්නෝ විසින් ඉදිරිපත් කරනු ලබන බව සඳහන්ය.
මෙම නව වීඩියෝවට ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධ සමකාලීන ලියකියවිලි, ඇසින් දුටු සාක්ෂි, නිශ්චල ඡායාරූප සහ ශ්‍රී ලංකාවේ අවසන් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් වන බව ද චැනල් 4 සඳහන් කරයි.
මේ තුළින් අදාළ සිදුවීම් සම්බන්ධව වගකිව යුතු පිරිස් පිළිබඳව විමර්ශනය කරන බවත්, එහි ප්‍රතිඵල තුළින් ශ්‍රී ලංකා රජයේ ඉහළ මට්ටම් හා යුද හමුදාවේ ඉහළ පිරිස් වෙත චෝදනා එල්ල කෙරෙන බව ද චැනල් 4 වෙබ් අඩවිය වාර්තා කරයි.