කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

April 19, 2026   09:47 am

මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන යන ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ කුඩා දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 01යි මාස 06ක් වූ තාරාපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි දැරියකි.  

මන්නාරම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර අක්මීමණ, ගාල්ල උඩුගම මාර්ගයේ බටදූව ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව හා යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ බටදූව, බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අක්මීමණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.