මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු අල්ලස් දැලේ
April 19, 2026 12:12 pm
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු රුපියල් තිස්දහසක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (18) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරු විසින් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳ ඇතිරිලි සෝදා පවිත්‍ර කිරීම සඳහා ලබාගෙන ඇති ටෙන්ඩරයට අදාළව මාර්තු මසට අයවිය යුතු ගාස්තුව සඳහා ලබාදිය යුතු වෙක්පත නිදහස් කිරීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
