තියුණු ආයුධයකින් පහර දී ව්‍යාපාරිකයෙක් මරාදමලා

February 20, 2012   09:17 am

අද(20) පෙරවරුවේ තියුණු ආයුධවලින් පහර දී දොම්පේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබේ.

හෝටල් ව්‍යාපාරිකයෙකු සහ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන අදාළ පුද්ගලයා ‍දොම්පෙ ප්‍රදේශයේ පිහිටි සිය ඉඩමකට ගිය අවස්ථාවේ දී ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය සදහන් කළේය.

යතුරු පැදිවලින් පැමිණි පිරිසක් ඝාතනය සිදුකර පලා ගොස් ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති අතර දොම්පෙ පොලිසිය සිද්ධිය සම්බන්‍ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඝාතනයට ලක්වූ මෙම ව්‍යාපාරිකයා 62 හැවිරිදි වියෙහි පසුවන බව ද පොලිසිය සඳහන් කරයි.