උගත් පාඩමෙන් උගනින්න හමුදාපතිගෙන් අධිකරණයක්
February 15, 2012 03:47 pm
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කරන ලද පරිදි යුද්ධයේ අවසාන අදියර තුළ සිදුවීයයි කියනු ලබන සිවිල් ඝාතනයන් හා චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විමර්ශන අධිකරණයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සාමාජිකයින් පස් දෙනකුගෙන් යුතු මෙම අධිකරණය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ජනවාරි මස 01 වන සතියේ සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක,බ්‍රිගේඩයර් නිහාල් හපුආරච්චි මහතා පවසයි.
මෙම විමර්ශන අධිකරණයේ ප්‍රධානියා ලෙස කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානයේ වත්මන් අණදෙන නිලධාරී මේජර් ජෙනරල් ක්‍රිසාන්ත ද සිල්වා මහතා කටයුතු කරනු ඇති බව සඳහන් වේ.
මෙම නව අධිකරණය විසින් 1 වන අදියරේදී මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් සිදුකරනු ලබන මූලික විමර්ශන කටයුතුවලට සමානව කටයුතු කරනු ඇති බවත්,එහිදී යම් චෝදානවන් පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවුවහොත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා යුද අධිකරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බවත් කියැවෙයි.
කෙසේ වෙතත් යුද අධිකරණයකට සාමාන්‍ය මහාධිකරණයක් සතු නෛතිකමය බලයක් හිමිවන බැවින් මරණීය දණ්ඩනය පැනවීම ඇතුළු දඬුව්ම් ක්‍රියාත්මක කළ හැකි බවද සඳහන්ය.