රසායනික ද්‍රව්‍යයක් ශ්වසනය වී පාසල් සිසුවියන් 13ක් පානදුර රෝහලට

රසායනික ද්‍රව්‍යයක් ශ්වසනය වී පාසල් සිසුවියන් 13ක් පානදුර රෝහලට

February 13, 2026   01:53 pm

මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් කිසියම් රසායනික ද්‍රව්‍යයක් ශ්වසනය වීම හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිසුවියන් 13 දෙනෙකු රෝහලගත කර ඇති බව සඳහන්ය.

අදාළ සිසුවියන් පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී මෙම සිද්ධියට මුහුණපා ඇත. කෙසේ නමුත් රෝහල් ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්ය.