ගිනිඅවියක් සමග අවුරුදු 24ක තරුණයෙකු අත්අඩංගුවට
January 31, 2026 07:45 am
විදෙස් රටක නිෂ්පාදිත අංකය මකා දමන ලද ගිනිඅවියක් හා එම අවියට යොදන පතොරොම් 02ක් සමග සැකකරුවෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත උස්වැටකෙයියාව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 24ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
