මැගසින් සහ උණ්ඩ තොගයක් සමග යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

මැගසින් සහ උණ්ඩ තොගයක් සමග යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

January 16, 2026   09:36 pm

ටී-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.