ඔයාමඩුවේදී මාරක අනතුරක් - අයෙක් මරුට
January 12, 2026 05:01 pm
ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
අද (12) දහවල් 1.30ට පමණ එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි.
ත්රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අනතුරින් මියගොස් ඇත්තේ, ත්රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔයාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.
