TikTok වෙත මුදාහැරි AI වීඩියෝව ගැන විමර්ශනය කරන්නැයි පෝලන්තයෙන් ඉල්ලීමක්
සයුරෙන් එතෙර

TikTok වෙත මුදාහැරි AI වීඩියෝව ගැන විමර්ශනය කරන්නැයි පෝලන්තයෙන් ඉල්ලීමක්

December 31, 2025   03:07 pm

අසත්‍ය AI වීඩියෝවක්  TikTok තුළ සංසරණය වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පෝලන්තය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලන්තය සඳහන් කරන්නේ, මෙම වීඩියෝව රුසියාව විසින් පෝලන්තය සම්බන්ධයෙන් සිදුකරනු ලබන දුර්මත ප්‍රචාරණයක් බවය.

පසුගිය සති කිහිපය තුළ, පෝලන්ත ජාතික වර්ණිත ඇඳුම් ඇඳගත් තරුණියන් පෙනී සිටින වීඩියෝ මාලාවක් TikTok ගිණුමක් හරහා පළ කරමින්,  එතුළ පෝලන්තය යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර, එම ගිණුම විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත්, අද වන විට එම වීඩියෝව පළ කරනු ලැබූ TikTok ගිණුම අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

පෝලන්තය පෙන්වා දෙන්නේ, මෙවැනි AI-නිර්මාණ යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජන මතයට බලපෑම් කළ හැකි අවස්ථාවක් විය හැකි බවය.