පොලිස් අණ නොතකා වාහන හප්ප හප්පා පලාගිය රියදුරු ගැන කරුණු හෙළිවෙයි
October 26, 2025 04:50 pm
පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (25) රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයේ රියදුරු ගැන කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසා සිටියේ, අදාළ රියදුරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් බවය.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අයෙක්ද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින්නේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් ලෙස කටයුතු කර තිබේ.
අණ නොතකා ධාවනය කළ මෙම වෑන් රථයට රත්මලාන ගොලුමඩම හංදිය අසලදී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් හඹාගොස් වෙඩිතබා නතර කිරීමට පියවර ගත්තේය.
