ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට
June 20, 2025 11:22 am
ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණි.
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනාවා ද එසේත් නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසුමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදුකිරීමට තීරණය කිරීමත් සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.
පසුව සමගි ජනබලවේගයේ සභිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ
තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවනු ලැබීය.
මේ හේතුවෙන් සභාව මිනිත්තු 30ක කාලයකට කල්තැබුණි.
ඝණ පූර්ණය සහිතව පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 19ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත්වුණි.
නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රියන්ත සහබන්ධු මහතා පත්ව තිබේ.