වනඅලි රංචුවක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටෙයි

වනඅලි රංචුවක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටෙයි

October 18, 2024   07:07 am

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ.

මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව සදහන් වේ.

එමෙන්ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට ලක්ව ඇත.

අද දෙරණ වාර්තා කරු සදහන් කළේ සිදුවූ අනතුරින් වනඅලියෙකු මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවය.

මේ වන විට මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇති අතර අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.