ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තීරණය

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තීරණය

August 19, 2024   04:38 pm

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)පවසයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඊයේ (18) වව්නියාව ප්‍රදේශයේ දී පැවති අතර ඊට පක්ෂයේ සියලු සාමාජිකයින් එක්ව තිබුණි.

එහිදි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහාය දැක්විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මත පළ වීමත් සමග රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක් ද ගෙන තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ මතය කුමක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පැවසුවේය.