මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට මිනිසුන් යොමු කිරීම් වැඩි වෙයි

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට මිනිසුන් යොමු කිරීම් වැඩි වෙයි

September 19, 2024   03:41 pm

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මෙරට පුරවැසියන් යොමු කිරීම්වල වැඩිවීමක් පිළිබඳව අනාවරණය වී ඇත.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් ඒ පිළිබඳව අනතුරු අඟවමින් තොරතුරු වාර්තා කරයි. 

විදෙස් රටවල ආකර්ෂණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්‍ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම මිනිස් වෙළෙඳාම් සිදු කෙරෙන බව වාර්තා වෙයි.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය තවදුරටත් පෙන්වා දෙන්නේ තැනැත්තන් වෙළෙඳාමේ නියුතු පුද්ගලයින් තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් රැකියා සඳහා තරුණ ශ්‍රමිකයින් ආකර්ෂණය කරගන්නා බවය.

පසුව ඔවුන්ව රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී කරන මුවාවෙන් ඩුබායි වැනි රටවලට රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමුකරනු ලබන බවද අවධාරණය කරයි. 

මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ව ම්ලේච්ඡ ශාරීරික, මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම්වලට පවා මුහුණ දීමට සිදුවී ඇති බව මෑත කාලීන විමර්ශන මගින් අනාවරණය වී ඇති බවද සඳහන් කරයි.

වැඩි විස්තර පහතින්,