ජනාධිපතිවරණයේදී වියදම් කළ හැකි මුදල ?

ජනාධිපතිවරණයේදී වියදම් කළ හැකි මුදල ?

August 16, 2024   07:54 am

එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ඇති බවය.