වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක්

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක්

March 22, 2024   09:06 pm

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදුව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් වූ අතර, එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබේ.

එමෙන්ම 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි.

2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර,  අමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා විය.