ගින්නකට හසුවී පුද්ගලයෙක් මරුට

ගින්නකට හසුවී පුද්ගලයෙක් මරුට

March 20, 2024   09:37 am

වාරියපොළ, හලවත් පාරේ ඉඩමක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් තිබේ.

ඊයේ (19) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

මරණකරු වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පදිංචිකරුවෙකි.

මරණකරු විසින් ඔහුට අයත් කුඹුරු ඉඩමක් ගිනිතබා ඇති අතර, එම ගින්න යාබද අක්කර තුනක පමණ ඉඩමකට ද ව්‍යාප්තවී ඇත.

පසුව ප්‍රදේශවසීන් විසින් ගින්න මැඩ පවත්වා ඇති අතර මරණකරු නැවත නිවසට නොපැමිණීම සම්බන්ධව සොයා බැලීමේදී ගිනිගැනීමට ලක්වූ ප්‍රදේශයේ තිබී ඔහුගේ මෘත ශරීරය සොයාගෙන තිබේ.

වාර්යපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.