අම්බලන්ගොඩ සහ පිටිගල වෙඩිතැබීම්වලින් මියගිය තරුණයින්ගේ දේහ නිවෙස්වලට

අම්බලන්ගොඩ සහ පිටිගල වෙඩිතැබීම්වලින් මියගිය තරුණයින්ගේ දේහ නිවෙස්වලට

March 13, 2024   07:01 pm

අම්බලන්ගොඩ සහ පිටිගලදී පසුගිය 11 වනදා සිදුවූ වෙඩිතැබීම්වලින් ජීවිතක්ෂයට පත්වූ තරුණයින් සිව්දෙනාගේ මෘතදේහ මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වලට රැගෙනවිත් තිබේ.

පොලීසිය පැවසුවේ, මෙම වෙඩි තැබීම්වලින් මියගිය තරුණයන් කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ අය බවය. 

අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේදී මියගිය තරුණයින් වන්නේ, හලඹ උදේශ් මධුරංග නොහොත් පොඩි මැන්ඩිස් නමැත්තා සහ දඩල්ලගේ සිතුම් සංජන යන අයයි. 

තම දරුවන්ට වූ මෙම අපරාධ සම්බන්ධයෙන් ඥාතීන් දැඩි කම්පනයට පත්වී සිටී.

පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලකදී සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණයින් දෙදෙනාගේ මෘතදේහ ද මේ වනවිට එම නිවෙස්වලට රැගෙනවිත් තිබේ.

මියගිය කවිෂ්ක අංජනගේ නිවසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පැමිණ සිය සංවේගය පළ කළේය.