පියුමාගෙන් විශේෂ අනාවරණයක්

පියුමාගෙන් විශේෂ අනාවරණයක්

February 18, 2024   01:44 pm

පසුගියදා ඩුබායි සිට මෙරටට රැගෙන ආ "පියුමා" නැමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ දී සමීප ව ඇසුරු කළ කාන්තාවක් ඊයේ (17) අලුයම මෙරටට පැමිණීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කර තිබේ.

එම කාන්තාවගෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය පියුමාගේ බිරිඳගේ මිතුරියක් බව වාර්තා වෙයි.

මේ අතර, "පියුමා" තමන් කළ අපරාධ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් විමර්ශන නිලධාරින් හමුවේ අනාවරණය කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, තමා සහ කුඩු සළිඳු කුඩා කල සිට හොඳ ම මිතුරන් බව ය.